Friday, November 15, 2024

General line - 0115112241

වියදම් සිමා කඩ කරන ජනපති ධූර අපේක්‍ෂකයින් ගැන මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන නිරීක්ෂණයෙන්




ජනාධිපති ධූර අපේක්‍ෂකයින්ගේ වියදම් සීමා සම්බන්ධයෙන් දැඩිව නිරීක්‍ෂණය කරන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ ජනාධිපතිවරණය නිමාවට පත්වී දින 21ක් ඇතුළත සියලුම අපේක්‍ෂකයින් වියදම් වාර්තා මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

එම වාර්තා සහ සිය ආයතනයේ නිරීක්‍ෂණ අනුව සිදු කෙරෙන ගණනය කිරීම් අතර පරස්පරතා පැවතියහොත් එම අපේක්‍ෂකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.