ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සහ එම පක්ෂවල නියෝජිතයින් අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
එම කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ ජනාධිපතිවරණයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන් එලෙස කැඳවා ඇති බවයි.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 209ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 204ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 02ක් වාර්තා වූ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
වෙනත් පැමිණිලි 03ක්ද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව පසුගිය ජූලි 31 වැනිදා සිට මේ දක්වා සමස්ත මැතිවරණ පැමිණිලි 2,863ක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 2,775ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 23ක් සහ වෙනත් පැමිණිලි 65ක් ඒ අනුව වාර්තා වී තිබෙනවා.
ලැබී ඇති පැමිණිලිවලින් 2,113ක් විසඳා ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.