Friday, December 27, 2024

General line - 0115112241

ගගනගාමීන් සමග උඩට ගිය ස්ටාර්ලයිනර් තනිවම යළි පෘථිවියට




ගගනගාමීන් දෙදෙනකු රැගෙන අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගිය ‘බෝයිං ස්ටාර්ලයිනර්’ යානය ගගනගාමීන් රහිතව යළි පෘථිවියට පැමිණ තිබෙනවා.

ඒ අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට පියාසර කිරීමෙන් පසු හිලියම් ද්‍රාවණය කාන්දුවීම ඇතුළු කාර්මික දෝෂ රැසක් හටගැනීම හේතුවෙන් එම යානය ගගනගාමින් රහිතව පසුගිය සෙනසුරාදා අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 11.00 පමණ ස්ටාර්ලයිනර් යානය නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පිහිටි නාසා ආයතනයේ අභ්‍යවකාශ වරාය වෙත යළි පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනා වන 58 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා නිලධාරිනි සුනිතා විලියම්ස් සහ 61 හැවිරිදි නාවික හමුදා කපිතාන් බච් විල්මෝර් පෘථිවියට ගෙන්වා ගැනීම ලබන වසරේ පෙබරවාරිය දක්වා දීර්ඝ වී තිබෙනවා.

ස්ටාර්ලයිනර් යානය පෘථිවි කක්ෂයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගොස් ඇත්තේ පසුගිය ජූනි මස 5 වැනිදා වන අතර, නාසා ආයතනය මාස දෙකකට වඩා කාලයක් පුරා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ගගනගාමින් සමඟ සම්බන්ධ වෙමින් යානයේ කාර්මික දෝෂ යථා තත්ත්වයට පත් කරගැනීමට උපදෙස් ලබා දී තිබුණද එය සාර්ථක වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ගගනගාමීන් සමඟ බෝයිං හි ස්ටාර්ලයිනර් අභ්‍යවකාශ යානයේ පළමු පරීක්ෂණ පියාසැරිය මෙය වනවා.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිර වී සිටින ගගනගාමීන් දෙදෙනාට අවශ්‍ය ආහාර හා ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නාසා ආයතනය සහ රුසියාවද  භාණ්ඩ ප්‍රවාහන යානයකින් අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානය වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා.

 

>