තණමල්විල, අලුත්වැව කන්ද ප්රදේශයේ ගංජා වගාකර තිබූ ස්ථාන තුනක් වටලා එහි තිබූ ගංජා ගස් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
කෙසේවෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් කිසිවෙකුත් එම ස්ථානවල නොසිටි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
එහි තිබූ ගංජා ගස් 12,000කට අධික ප්රමාණයක් වැඩිදුර විමර්ශන සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
සෙසු ගංජා ගස් තොගය ගිනි තබා විනාශ කළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.