Friday, December 27, 2024

General line - 0115112241

අඩුවෙන්ම වැඩකළ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් වාර්තා අතරට 




ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සම්බන්දයෙන් රිපබිලිකන් ජාතික කමිටුව සිදු කළ සමීක්ෂණයකින් වැඩි පුර නිවාඩු ලබාගෙන ඇති බව හෙළිවී තිබෙනවා.

රිපබිලිකන් ජාතික කමිටුව මේ සම්බන්ධයෙන්  X සමාජ මාධ්‍ය තුල සටහනක් තබමින්  සඳහන් කර සිටියේ 81 වියැති ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් දින 532 ක් සාමාන්‍ය නිවාඩු දින ලෙස ලබා ගෙන ඇති බවත් අනුව එය ඔහුගේ ධුර කාලයෙන් සියයට 40 ක් වන බවයි.

සාමාන්‍ය ඇමරිකානුවෙකුට වසරකට දින 11 ක නිවාඩුවක් හිමි වන අතර බයිඩෙන් ලබා ගත් නිවාඩු ගණන හිමි වීමට නම් වසර 48 ක් සේවය කළයුතු වන අතර බයිඩන්ගේ වසර 4 ක ධුර කාලය තුළදී ලැබෙන නිවාඩු දින වලට වඩා වැඩියෙන් භුක්ති විඳ තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගෝලීය අවිනිශ්චිතතාවයන් බහුල කාලයක සහ ඇමෙරිකාවේ උද්ධමනය ඉහළ ගොස් බඩු මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමක තිබෙන මොහොතක මේසා නිවාඩු දින ගණනක් රටේ ජනාධිපතිවරයා ලෙස ලබාගෙන තිබීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවත් ලෝකයම අවදානම් මොහොතක සිටියද බයිඩෙන් ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නිවාඩුවට ගොස් විවේකය ගතකිරීම පමණක් බවද  ඔහු චෝදනා කරනවා 

තවද ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ධුර කාලයේදී නිවාඩු ලෙස ලබාගෙන ඇත්තේ දින 381 ක් බවත්  ඒ අනුව අඩුවෙන්ම වැඩකළ ඇමෙරිකානු ජනාධිපතිවරයා වීමේ තරඟයේ පෙරමුණට ජනපති බයිඩන් රැගෙන ඒමට නිවාඩු දින 532 ක සමත්වී ඇතැයිද රිපබිලිකන් ජාතික කමිටුව සඳහන් කර තිබෙනවා.