මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම සැප්තැම්බර් 11 වන දින එනම් හෙට මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබෙනවා.
ඒ අනුව විභාග අපේක්ෂකයින් සඳහා උපකාර පන්ති සංවිධානය, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු එම කාලය තුළ පැවැත්වීම තහනම් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.
එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම තහනම් වනවා.
යම් අයෙක්, ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙම නියෝග නොසලකා ක්‍රියා කළහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවෙකු වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
යම් පාර්ශවයක් එලෙස නියෝග කඩ කරන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන 15 වනදා පැවැත්වෙනවා.