Friday, November 15, 2024

General line - 0115112241

ආර්ථිකය ගොඩනගන ඉලක්කගත වැඩපිළිවෙලක් කිසිදු ප්‍රතිපත්ති ප්‍රකාශයක නොමැති බව විද්වතෙකු කියයි




මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් ජනාධිපති ධූර අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශවල ඇතුළත්ව නොමැති බව ආර්ථික විද්වතුන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනය අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා. 


ජනතාවට සහන ලබාදීමට ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති කරුණුවල කිසිදු වැදගත්කමක් නොමැති බවද ඔහු කියා සිටියා. 


ආර්ථික වර්ධනය සියයට 8කට වැඩි මට්ටමකට ගෙන ඒම සඳහා ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාවට නැංවිය යුතු බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පෙන්වා දුන්නේ.