හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ලද තොරතුරක් මත රත්මලාන ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කාන්තාව වයස අවුරුදු 40ක් වන දෙඹටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.
එම සැකකාරිය ගෘහ සේවිකාවක් වශයෙන් සේවයේ යෙදෙන බවට පුවත්පත්වල දැන්වීම් පල කර නිවෙස්වල ගෘහ සේවයට ගොස් රන් භාණ්ඩ සහ දේපළ සොරකම් කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ඇය දෙහිවල, හොරණ සහ මිරිහාන පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති සොරකම් කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකාරියක් බවද අනාවරණ වී තිබෙනවා.
සැකකාර කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සොරකම් කරන ලද රන් භාණ්ඩ කිහිපයක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.