2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 1,687ක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා.
ප්රචණ්ඩ ක්රියා සිද්ධීන් 55ක්, රාජ්ය බලය, දේපළ සහ නිලධාරින් අයුතු ලෙස යොදා ගැනීමේ සිද්ධීන් 188ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 844ක් ඒ අතර වන බවයි එම සංවිධානය පැවසුවේ.
වාර්තා වී ඇති සමස්ත සිද්ධීන්වලින් 562ක් තහවුරු කළ සිද්ධීන් වන අතර 525ක් තහවුරු නොකළ සිද්ධීන් වන බවද පැෆ්රල් සංවිධානය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙනවා.