කූඨ ලේඛන සකස් කිරීමට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රියදුරු බලපත්‍ර, අධ්‍යාපන සහතික, වෛද්‍ය උපාධි සහතික ඇතුළු උපාධි සහතික සහ රාජ්‍ය නිලධාරින්ගේ නම් සහිත නිල මුද්‍රා ව්‍යාජ ලෙස සකස් කරන බවට ලද තොරතුරක් අනුව එම එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර වෙරළ උද්‍යානය ප්රදේශයේදීයි.
ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී අනාවරණ කරගත් තොරතුරු අනුව ඊට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහරගම, කොට්ටාව, පිළියන්දල, පාදුක්ක හා කඹුරුපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.