2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,223ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඊයේ පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාල සීමාව තුළ පැමැණිලි 182ක් ලැබී ඇති බවයි එම කොමිසම පැවසුවේ.
නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 181ක් සහ වෙනත් පැමිණිලි 1ක් ඒ අතර වනවා.
පසුගිය ජූලි මස 31 වනදා සිට මේ දක්වා කාල සීමාව තුළ ලැබී ඇති සමස්ත පැමිණිලි 3,223න් 2,529ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 694ක් සම්බන්ධයෙන් ක්‍රියා කරමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.