Friday, November 15, 2024

General line - 0115112241

මහපොළ දීමනා වැඩි කරන්න කැබිනට් තීරණයක්




විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත් ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500ක් දක්වාත් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදියි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.


මේ අතර ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.