Friday, November 15, 2024

General line - 0115112241

පෝලන්තය ඉන්දියාවේ ලගම මිතුරෙක් වෙයි




ඉන්දියාව සහ පෝලන්තය ඔවුන්ගේ ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික හවුල්කාරිත්වය මට්ටමට ඔසවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මෙම සන්ධිස්ථානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක්ගේ ආරාධනයෙන් අගෝස්තු 21 සිට 24 දක්වා සිදු කළ පෝලන්තයේ ඓතිහාසික සංචාරය හේතුවෙන් සිදු විය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරයට සමගාමීව සිදු කෙරුනු මෙම සංචාරය ඉන්දීය-පෝලන්ත සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීමට මංපෙත් විවර කර තිබේ.

මෙම උපායමාර්ගික හවුල්කාරිත්වයේ පදනම ගොඩනැගී ඇත්තේ දශක හතක් පුරා දිවෙන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල පොහොසත් ඉතිහාසයක් මත ය.

රටවල් දෙකම ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ නීතිරීති පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙලකට කැපවීම යන වටිනාකම් සමාන වන බව ඉන්දීය මාධ්‍ය පවසයි. 

මෙම හවුල් මූලධර්ම, ඓතිහාසික බැඳීම් සමඟින් ඉන්දියාව සහ පෝලන්තය අතර වැඩෙන ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ මූලික පදනම සාදා ඇති බව ද එම වාර්තා පෙන්වා දෙනවා.

වෝර්සෝ හිදී එටර ඉන්දීය ප්‍රජාව අමතමින් අග්‍රාමාත්‍ය මෝදි පැවසුවේ දෙරට අතර දිගුකාලීන ඉගෙනීමේ සහ අවබෝධයේ සම්ප්‍රදාය ඉස්මතු කළේය.

ඔහු වෝර්සෝ විශ්ව විද්‍යාලයේ විශාල පුස්තකාලයේ උපුටා දක්වන ලද භගවත් ගීතා සහ උපනිෂද් වැනි උදාහරණ සහ පෝලන්ත අධ්‍යාපන ආයතනවල දෙමළ, සංස්කෘත සහ අනෙකුත් ඉන්දියානු භාෂා අධ්‍යයනය වැනි උදාහරණ ගෙනහැර දක්වමින් පැවසුවේ මෙම සංස්කෘතික හුවමාරුව ඉන්දියා-පෝලන්ත සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවයි