Friday, November 15, 2024

General line - 0115112241

පළාත් භාර සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද මැතිවරණ කොමිෂන් සභාවට




පළාත් භාර සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ, එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

එම සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පැවසුවේ.

මේ අතර සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් ඊයේ පැවැත් වුණා.

එහිදී ජනාධිපතිවරණයට අදාළ කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.