සමගි ජන බලවේගය සංවිධානය කළ මහනුවර දිස්ත්‍රික් ජන හමුවේදී අදහස් පළ කිරීමට ඇතැම් ආසන සංවිධායකවරුන්ට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් ඔවුන් කනස්සල්ලෙන් පසුවන බවට වාර්තා වනවා.
ඇතැම් ආසන සංවිධායකවරුන් පවසා ඇත්තේ මහනුවර ජනරැළියේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ හිතවතුන්ට පවා අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දී තිබුණද දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයෙකුට ජනතාව ඇමතීමට අවස්ථාවක් නොලැබුණු බවයි.
මෙලෙස අදාළ ජන හමුවේදී අදහස් පළ කිරීමට අවස්ථාව නොලැබුණු පිරිස අතර, ඉකුත්දා සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද සිටින බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව එම මන්ත්‍රීවරයාට ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයක දී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවටද ඇතැම් පාර්ශව අදහස් පළ කරනවා.