Friday, December 27, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපති අපේක්‍ෂකයින් එකම වේදිකාවකට




2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර විවාදය අද පැවැත්වුණා.

විනාඩි 90ක් පුරා පැවති මෙම විවාදය උණුසුම් අයුරින් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් අපේක්‍ෂකයින් දෙදෙනාම පෞද්ගලික මඩ ප්‍රහාරවලට නොගොස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාද කිරීම කැපී පෙනෙන තත්ත්වයක්.

එහිදී කමලා හැරිස්ගේ සංක්‍රමණ සහ දේශසීමා ප්‍රතිපත්ති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

එමෙන්ම ට්‍රම්ප්ගේ ගබ්සා කිරීම තහනම් කිරීම සහ ජනවාරි 06වනදා සිදුවූ අමෙරිකාවේ කැපිටල් ප්‍රහාරය සම්බන්ධයෙන් කමලා හැරිස් විසින් විවේචනය කර ඇතැයි සඳහන්.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර පැවති පළමු විවාදය මෙයයි. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ මත විමසුම්වලින් මෙම විවාදයෙන් හැරිස් ජය ගත් බවටයි පැවසෙන්නේ.