ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් ගැටලු රැසක් මතුවන බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති වුවහොත් රට යළි අගාදයට පත් වන බවයි.
තම පාලනයක් යටතේ රටේ ආර්ථිකය නිවැරදි දිශාවට යොමු කරවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු කියා සිටියේ තම පාලනයක් යටතේ රටේ දේශපාලන සංස්කෘතියද වෙනස් කරන බවයි.
රට සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී ජනතාව දැන් පැහැදිලි අවබෝධයක සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු කියා සිටියේ තම ආණ්ඩුවක් යටතේ රට ගොඩනැගීමේ වගකීම තමන් භාර ගන්නා බවයි.
වෛරී දේශපාලනයෙන් තොර සංවර්ධනය ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් තමන් සතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ රටේ සෑම ක්ෂේත්‍රයකම දියුණුව ඇති කළ හැකි ක්‍රමවේදයක් තමන් සතු බවයි.