නව ජනතා පෙරමුණ නමින් අද පොහොට්ටු කාර්යාලයේ පෙනී සිටියේ ව්‍යාජ කණ්ඩායමක් බව නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසනවා.
නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.
ඔහු පවසා සිටියේ මෙවැන්නක්
" නව ජනතා පෙරමුණ නම පාවිච්චි කරමින් එහි මහලේකම්වරයා ලෙස ව්‍යාජ පුද්ගලයෙකු පෙනී සිටිමින් අපි දැක්කා කණ්ඩායමක් එක්තරා ජනාධිපති අපේක්ෂකයෙක් ළඟට ගිහිල්ලා නව ජනතා පෙරමුණේ සහයෝගයත් ඒ අපේක්ෂකයාට ලබා ලබා දෙනවා කියලා ගිවිසුම් අත්සන් කරලා තියෙනවා.
ප්‍රථමයෙන්ම අපි කණගාටු වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්තුමා ගැන එතුමා ඉතාමත් වගකීම් විරහිත ලෙස කිසිම තොරතුරක් හොයන්නෙ බලන්නේ නැතුව ව්‍යාජ කණ්ඩායමක් එක්ක ගිවිසුම්ගත වෙලා තියෙනවා.
අපි කියනවා සාගර කාරියවසම් මහත්මයට ඔබතුමා මරණාධාර සමිතියකවත් ලේකම් තනතුරට සුදුසු නැති කෙනෙක්.
මරණාධාර සමිතියකට සාමාජිකයෙක් බඳවා ගන්න කොට හොයලා බලනවා මේ කවුද, මොහුගේ ක්‍රියාකාරකම් මොනවද කියලා.
අපි බොහොම වගකීමෙන් කියනවා නව ජනතා පෙරමුණ නමින් අද පොහොට්ටු කාර්යාලයේ පෙනී සිටියේ ව්‍යාජ කණ්ඩායමක්,
නව ජනතා පෙරමුණ පසුගිය අවුරුදු හතර තුළ ඉතාමත් වගකිය යුතු දේශපාලන ධාරාවක් ලෙස ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අපේ පක්ෂය බොහොම විනයගරුක පාරිශුද්ධ පක්ෂයක්,
ඒ නිසා තමයි අපි ඔවුන්ට විනය ක්‍රියාමාර්ග අරගෙන පක්ෂයෙන් නෙරපලා දැමුවේ.
බංකොලොත් වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් වුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගින් දිගටම උත්සාහ කරනවා අර ජඩ දේශපාලන ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න.
සාගර කාරියවසම් මහත්තයෝ අපි තීන්දු ගන්නෙ පවුල ගැන හිතලා නෙවෙයි.
අපි තීන්දු ගන්නේ රට ගැන හිතලා.
අපිත් නියෝජනය කරපු ඔය කඳවුර දිගින් දිගටම වැරදි දේශපාලන තීන්දු ගත්ත නිසා විශේෂයෙන්, රට වෙනුවට පවුල රකින්න ඕන කියලා තීන්දු ගත්ත නිසා තමයි අපි ඔය දේශපාලන කඳවුර අතහැරලා නව ජනතා පෙරමුණ කියන නව ජාතිකවාදී අලුත් කඳවුර හැදුවේ.
ඔබතුමන්ලා උත්සාහ කරනවා නම් ඒ හදපු කඳවුර තුළ මේ වගේ ප්‍රශ්න ඇති කරන්න ඒක හීනයක්.
අපි පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවලා ප්‍රකාශයට පත් කළා මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය පළ කරන බව.
ඒ නිසාම තමයි පසුගිය විසි දෙවැනි දා මහරගම තරුණ සේවා සභාවට තුන්දහසකට අධික අපේ සාමාජිකයෝ ඇවිල්ලා ඒකමතිකව යෝජනා ස්ථිරත්වයෙන් අපි තීරණය කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන බව.
ඒක රට ගැන හිතලා ගත්ත තීරණයක්. ඒක රටේ අනාගතය ගැන හිතලා ගත්ත තීරණයක්. අනාගත දරු පරම්පරාව ගැන හිතලා ගත්ත තීරණයක්.
විශේෂයෙන් කියන්න ඕනේ රටේ ඒකීයභාවය රැකෙන්නේ ආර්ථික ස්ථාවරත්වය පැවතුනොත් විතරයි.
ඒක නාමල් බබාට අමතක උනාට එහෙම තමයි රටවල් රැකෙන්නේ.
බුද්ධ දේශනාවෙත් ඒක පැහැදිලිව තියෙනවා.
දීඝ නිකායේ චක්ඛ වත්ති සිහනාද කූටදන්ත වැනි සූත්‍රවල බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා රටක් ආර්ථික වශයෙන් බංකොලොත් වුණොත් තමයි දේශපාලන සමාජීය අස්ථාවරත්වයන් ඇතිවෙලා සිවිල් යුදමය තත්ත්වයන්, රටවල් දෙකඩවීම් වෙන්නේ, අද බංගලාදේශයට වෙලා තියෙන්නෙත් ඒකයි.
ඔය කියන නාමල් රාජපක්ෂ මහත්තයනේ දළදා හාමුදුරුවෝ ඉස්සරහ රේස් පැද්දෙ.
රටේ බිහිවුණ හොඳම ජාතිකවාදී නායකයා, ගෝඨාභය රාජපක්ෂ කියන ජනාධිපතිවරයාව රැකගන්න බැරිවුණු පොහොට්ටුව, හැට නම ලක්ෂයේ ජනවරම රැකගන්න බැරිවුණු පොහොට්ටුව, තමන්ගේ පාක්ෂිකයෝ බේරේ වැවේ විලාප දෙද්දී එකාපිට එකා මැරී වැටෙද්දී ඒ වෙනුවෙන් පෙනී නොහිටපු නාමල් සහ ඔය පොහොට්ටුව අද කියනවා රටේ ඒකීයභාවය ගැන හිතනවලු,
පාක්ෂිකයෝ ගැන හිතනවලු රටේ අනාගතේ එයාට බාර දෙන්නලු.
ඒක හින්දා නාමල් රාජපක්ෂ මහත්තයගේ අනාගතය සැප්තැම්බර් 22 තීරණය වෙනවා.
මම වගකීමෙන් කියනවා සීයට එකක ප්‍රතිශතයක් නාමල් ගන්නේ නෑ.
මෙරටේ මනුස්සයෝ මහින්ද රාජපක්ෂ මහත්තයට ආදරෙයි හැබැයි නාමල්ගෙන් මේ රටේ මිනිස්සුන්ට වැඩක් තියෙනව ද?
නාමල්ගේ ව්‍යාජත්වය දෙබඩි පිළිවෙත නාමල් කවුද කියන එක මුළු රටම දන්නවා.
පුළුවන් නම් සීයට එකක් ගන්න කියලා නව ජනතාව පෙරමුණ හැටියට අපි අභියෝග කරනවා.
නාමල් රාජපක්ෂ මහත්තයා සහ ඔහුගේ අඳබාල මහ ලේකම් සාගර කාරියවසම් මහත්මයට කියනවා ඔබතුමන්ලා පක්ෂ කඩන්න බොහොම දක්ෂයි මම ඒක දන්නවා.
මොකද ගෝඨාභය ජනාධිපතිතුමාට කරපු අපරාධය මම දන්නවා.
මම තාම රටට ඒක කිව්වේ නෑ.
ගෝඨාභය ජනාධිපතිතුමාට, රටට ඔබතුමන්ලා කරපු අපරාධය මම කිව්ව දවසට ඔය පොහොට්ටුවත් ඉවරයි.
රාජපක්ෂවරුත් ඉවරයි, ඔබතුමන්ලට බැල මෙහෙවරකම් කරන, ඔබතුමන්ලගේ ඔය තියෙන මුදල් වලට ආසාවෙන් ගිජුකමෙන් ඔබතුමන්ලා පස්සේ ගිහිල්ලා එහෙයියෝ වෙච්ච මිනිස්සුන්ට පාරෙ බහින්න හම්බවෙන්නේ නෑ.
නාමල් මහත්තයෝ ඔබතුමා ඔබතුමාගේ බාප්පව රැක්කේ නැති උනාට මම මගේ නායකයව රැක්කා .
ඔබතුමා කැබිනට් එකේ ඉද්දි , ඔබතුමා හත්වන විධායක ජනාධිපතිතුමා රැක්කෙ නැති වුණාට මම එතුමගෙ පෞද්ගලික ලේකම්වරයා හැටියට වගකීම් ඉටුකරපු මිනිහෙක්.
ඒ නිසා නාමල් රාජපක්ෂ මහත්මයට බොහොම වගකීමෙන් කියනවා මේ වගේ නින්දිත පාහර කැත වැඩ කරන්න එපා.
ඔබතුමා සදාචාරාත්මකව දේශපාලනය කරන්න.
දේශපාලන මතවාදීව අපි හැප්පෙමු ඇයි මේ වගේ ව්‍යාජ පුද්ගලයෝ ගෙනල්ලා පහර එල්ල කරන්න හදන්නේ.
පොහොට්ටුව ව්‍යාජ මහලේකම්වරයෙකු සමඟ ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිලි කරා.
හෙට දිනයේ දී අපි මැතිවරණ කොමසාරිස්තුමාට මේ පිළිබඳව පැමිණිලි කරනවා.
ඊළඟට අපි මේ පුද්ගලයන් සම්බන්ධයෙන් එන්තර වාසි මගින් අධිකරණ ක්‍රියාවලියට අවතීර්ණ වෙනවා "