Friday, December 27, 2024

General line - 0115112241

පකිස්තානය නිසා මැදපෙරදිග අර්බුධයක්




මැදපෙරදිග රටවලට යන පාකිස්තාන යාචකයන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

මෙම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් ආගමික වන්දනාකරුවන්ගේ මුවාවෙන් මැදපෙරදිග රටවලට ඇතුළු වී පසුව සිඟමන් යැදීමේ නිරත වන බවයි පැවසෙන්නේ. 

මෙම ප්‍රශ්නය ප්‍රාදේශීය බලධාරීන්ගේ අවධානයට යොමු වී ඇති අතර පකිස්තාන සංචාරකයින්ගේ වැඩි පරීක්ෂාවකට තුඩු දී ඇති තරම් වැදගත් වී ඇතැයි සඳහන්.

එමෙන්ම මේම ගැටළුව පකිස්තාන පාර්ලිමේන්තුවේ පවා සාකච්ඡා සහ වාර්තාවල එය ඉස්මතු වන තරමට ගැටලුව පුළුල් වී තිබෙනවා.

මෑත කාලයේ ඉරාකයේ පාකිස්තාන යාචකයින්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහිදීද බොහෝ පකිස්තාන ජාතිකයන් වන්දනාවේ යන මුවාවෙන් ඉරාකයට ගියත් අවසානයේ සිඟමන් යැදීමේ යෙදෙන බවයි වාර්තා වී ඇත්තේ.

ඉරාකය ඇතුළු මැදපෙරදිග රටවල අත්අඩංගුවට ගන්නා යාචකයින්ගෙන් 90%ක් පකිස්තානයෙන් පැමිණි අය බව වාර්තාවල සඳහන්.

එබැවින් එම යාචකයින් අත්අඩංගුවට ගැනීම් සැලකිය යුතු ප්‍රමාණයකට හේතු වී තිබේ.

මෙම තත්ත්වය ආගමික අරමුණු සඳහා වීසා සූරාකෑම පිළිබඳ කනස්සල්ලට ද හේතු වී තිබෙනවා.

මීට අමතරව, වයස අවුරුදු 18 ත් 25 ත් අතර පකිස්තාන ගැහැණු ළමයින් ඉරාකයේ සිඟාකෑමේ යෙදී සිටින බවටයි වාර්තා වී ඇත්තේ.

එය ගැටලුවේ බරපතලකම ඉස්මතු කරයි.

ඉරානයේ පාකිස්තාන යාචකයන්ගේ ප්‍රශ්නය ද ඉරාකයේ තත්ත්වයට සමාන බවටයි වාර්තා වන්නේ.