තවත් වසර 20කින්තරුණ තරුණියන් වෙනුවෙන් දියුණු රටක් නිර්මාණය කරන බව ස්වාධීන ජනාධිපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රටේ තරුණ තරුණියන් රටේ සංවර්ධනය පිළිබඳ විශ්වාසය තබා ගත යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
ඒ, අම්පාරේ ඊයේ පස්වරුවේ පැවති ජන රැළියක් අමතමින්.
සමස්ථ ජන සමාජයම වෙළාගත් සංවර්ධනයක් රටතුළ ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පැල්පත්, වතු නිවාස හා ලයිම් කාමරවල ජීවකත්වන ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවයි.
ඒ, කොළඹ පැවති ජන රැළියක් අමතමින්.
තමන් ප්‍රතිපත්ති සකස් කරන්නේ දේශපාලන රැල්ලට නොව රට ගැන සිතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පොරොන්දු දේශපාලනයෙන් තොරව කළ හැකි වැඩපිළවෙළක් ඉදිරිපත් කර ඇත්තේ තමන් පමණක් බවයි නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.
ඒ, අවිස්සාවේල්ල කොස්ගම ඊයේ පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින්.