2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 11ක් මේ වන විට බෙදා අවසන් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ලබන 14වනදායින් අවසන් කරන බවයි.
කිසියම් අයෙකුට ලබන 14වනදා වන විටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් සිදු කළ යුත්තේ කුමක්ද?
මේ අතර 2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමේ දෙවන අදියර යටතේ අද දිනයේද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.