Friday, December 27, 2024

General line - 0115112241

දින 108කින් ලෝකෙ වටේ ගොස් අමෙරිකානු කාන්තාවකගෙන් නව ලෝක වාර්තාවක්




පා පැදියකින් ලොව වටා ගමන් කර අමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවක් නව ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා.

ඒ, පා පැදියකින් ලොව වටා ගමන් කළ වේගවත්ම කාන්තාව ලෙසයි. 

ලියෝ විල්කොක්ස් නම් වූ ඇය මැයි 28 දින මෙලෙස ලොව වටා ගමන් කිරීම ආරම්භ කරන්නේ චිකාගෝ නගරයෙන්.

ඇයට කිලෝමීටර් 29,169ක් එනම් සැතපුම් 18,125ක් පා පැදියෙන් ගමන් කිරීම සඳහා දින 108, පැය 12 සහ මිනිත්තු 12ක් ගත වී තිබෙනවා.

ඇය මෙලෙස බිඳ හෙළුවේ දින 124 පැය 11ක් ගමන් කර ස්කොට්ලන්තයේ ජෙනී ග්‍රැහැම් විසින් 2018 වසරේ තබා තිබූ වාර්තාවයි. 

38 හැවිරිදි විල්කොක්ස්, මහාද්වීප හතරක රටවල් 21 ක් තරණය කර, අමෙරිකානු වේලාවෙන් ඊයේ රාත්‍රියේ චිකාගෝ වෙත පැමිණියා.

සිය ගමනේදී ඇය දිනකට පැය 14ක් පාපැදියෙන් ගමන් කර තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇයගේ මෙම වාර්තාව ලෝක වාර්තාවක් ලෙස සැලකුණද එය ගිනස් වාර්තාවක් නොවන බවයි.

ගිනස් නීති රීති අනුව ලොව වටා චාරිකාවක් සම්පූර්ණ කිරීමට ගුවන් ගමන්, පාරු සහ පොදු ගමනාගමනය ඇතුළුව සම්පූර්ණ ගමන, පෘථිවි සමකයේ පරිධිය වන කිලෝමීටර 40,000 ට සමාන දුරක් විය යුතුයි.