කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් තම පාලනයක් යටතේ උපරිම සහන සලසන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජන ජීවිතය ගොඩනැගීම තම ප්රමුඛ අරමුණ බවයි සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.
ඒ, කිරුළපන පැවති ජන රැළියක් අමතමින්.
පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් තමන් සතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඉදිරි වසර 10 තුළ රැකියා ලක්ෂ 20ක් නිර්මාණය කරන බවයි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.
ඒ, අත්තනගල්ලේ පැවති ජන රැළියක් අමතමින්.