Friday, December 27, 2024

General line - 0115112241

බාලවයස්කරුවන් 402 ක් අපයෝජනයට ලක් කෙරු සැකකරුවන් 171ක් අත්අඩංගුවට




මැලේසියා පොලීසිය රැකවරණ නිවාස 20ක් පුරා සිදු කළ මෙහෙයුමකින්  අපයෝජනයට ලක්වූ බාලවයස්කරුවන් 402 ක් පොලිසිය විසින් බේරා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම වැටලීමේදී මෙම අපයෝජන වලට සම්බන්ධ සැකකරුවන් 171ක් අත්අඩංගුවට ගත් අතර ඉන්  පිරිමින් 66 දෙනෙකු සහ කාන්තාවන් 105 දෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කායික හා ලිංගික අපයෝජනයට ලක් වූ බවට සැක කරන ළමයින් මෙන්ම නව යොවුන් වියේ පසුවන්නන් 402 ක් මෙලෙස බේරාගෙන තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 1 සිට 17 දක්වා වයස්වල පසුවන්නන්වන අතර පිරිමි ළමුන් 201 ක් සහ ගැහැණු ළමුන් 201 බේරා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නෙගේරි සෙම්බිලන් ප්‍රාන්තයේදී මෙම මස මුල වාර්තා වූ ළමා සූරාකෑම්, අතවර කිරීම් හා ලිංගික අපයෝජන හේතුවෙන් මෙවැනි මෙහෙයුමක් සිදු කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මීට අමතරව, රෝගී දරුවන්ට ඔවුන්ගේ තත්ත්වය නරක අතට හැරෙන තුරු වෛද්‍ය ප්‍රතිකාර ලබා දී නොමැති අතර සමහර ළමුන්ව ශාරීරික දඬුවම්වලට ලක් කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .