ජනතාවට ලබා දුන් සහන ඉදිරියේදී අහිමි කිරීමට ඉඩ ලබා නොදිය යුතු බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ලබා දුන් සහන ආරක්ෂා කිරීම ජනතාවගේද වගකීමක් බවයි බේරුවල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
කෙසේවෙතත් සිය ජයග්‍රහණය වැළැක්වීම සඳහා ඇතැමුන් අසත්‍ය ප්‍රචාර සිදු කරන බවයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.
අසාධාරණයකට ලක් වන ගොවීන් වෙනුවෙන් තමන් සැමවිටම පෙනී සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මාතර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
රටේ සියලු පුරවැසියන්ට එක හා සමාන වරප්‍රසාද හිමි වන සංවර්ධන යෝජනා ක්‍රම පමණක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
අකුරණ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.