Friday, November 8, 2024

General line - 0115112241

පිරමීඩ වංචාවට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ රිමාන්ඩ්

උදය කුමාර




පිරමීඩ ආකාරයේ සමාගමක් ආරම්භ කර පවත්වාගෙන ගොස් එහි ආයෝජනය කළ රුපියල් මිලියන 1800 කට වැඩි මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විදේශගතව සිට දිවයිනට පැමිණි එම පුද්ගලයා සහ ඔහු කැටුව යාමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබුවා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් සැකකාර අඹුසැමි යුවළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී අධිකරණය නියෝග කළේ ඔවුන් දෙදෙනා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදීද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අදහස් දැක්වුවා. 

මෙවැනි ආකාරයේ පිරමීඩාකාර ජාවාරම්වලට හසු නොවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළා. 

මේ අතර පිරමීඩ ආකාරයේ වංචා රැසක් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනෙන්ද අවස්ථා ගණනාවකදී රට හමුවේ අනාවරණ කළා.

එම ජාවාරම්කරුවන් රැසකට අදාළ අංශ විසින් නීතිමය පියවරද ගනු ලැබුවා.