Saturday, November 9, 2024

General line - 0115112241

පහේ ශිෂ්‍යත්වය අද - විභාග දෙපාර්තමේන්තුවෙන් ළමුන්ට දැනුම් දීමක්




2024 වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849කදී අයදුම්කරුවන් තුන් ලක්ෂ 23,879 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා විභාග මධ්‍යස්ථාන හතකදී සහ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා ද එම රෝහලේ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිතයි.

විභාගය පෙරවරු 09.30ට ආරම්භ කළ ද සිසුන් ඊට පෙර කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

විභාග මධ්‍යස්ථානයට පැමිණෙන සිසුන් රැගෙන ආ යුත්තේ මොනවාද?

විභාගය පැවැත්වෙන කාල සීමාවේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත නොකරන ලෙසට ජනාධිපති ධූර අපෙක්ෂකයින්ගෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් ද කළා.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අද දිනයේ පෙනී සිටින සියලු සිසුන්ට නෙත් එෆ් එම් රේඩියෝව සුබ පැතුම් එක්කරනවා.