තමන් ඡන්දය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගෙන් විමසීමද නීති විරෝධී බවයි.
එලෙස කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව පසුගිය කාලයේදී ද පියවර ගත් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.