ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම් කුමන හෝ දේශපාලන පක්ෂයක් අහෝසි කළහොත් යළිත් ඩොලරයේ අගය ඉහළ යා හැකි බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සියලු දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳ ප්‍රසිද්ධියේ පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසයි.
මාතලේ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ස්ථිර වශයෙන්ම ඩොලරය ශක්තිමත් කරමින් නව ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මීරිගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
රට බංකොලොතේ කළ සියලුම පුද්ගලයන්ට තමන්ගේ රජයක් යටතේ නීතිය ක්‍රියාත්මක කරමින් ඒ හරහා අගතියට පත් ජනතාවට වන්දි ලබාදෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ, රත්නපුර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.
තම රජයක් යටතේ පක්ෂ මාරු කරන දේශපාලන ක්‍රමය නැවැත්වීම සඳහා නව නීති සම්පාදනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
අම්පාර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.