Saturday, November 9, 2024

General line - 0115112241

ජනපතිගේ පරිවාරක හෙලිකොප්ටරයේ ඇති වූ දෝශය ගැන විමර්ශනයක්




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගත් හෙලිකොප්ටරයට පසුපසින් පැමිණි පරිවාරක හෙලිකොප්ටරය හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ ගොඩබස්සා තිබෙනවා.

ඒ, එප්පාවල, කටියා ප්‍රදේශයේ වෙල් යායටකටයි.

එලෙස කාර්මික දෝශයකට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරයක්.

එම සිදුවීම හේතුවෙන් ජීවිත හෝ දේපළ හානි කිසිවක් සිදුව නොමැති බවයි වාර්තා වුණේ.

එහි තිබූ බඩුබාහිරාදිය කොළඹ සිට පැමිණි වෙනත් ගුවන් යානයකට මාරුකර යැවූ බවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවා.

අදාළ පරිවාරක හෙලිකොප්ටරයේ ඇති වූ කාර්මික දෝෂය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසුවේ.