ලබන වසරේදී ජීවන බර සැහැල්ලු කරමින් ජනතාවට තවත් සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බව ස්වාධීන ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටියේ නොයෙකුත් දේශපාලන පක්ෂ නායකයින්ගේ පොරොන්දුවලට හසු නොවී පවතින රජය ඉදිරියට කරගෙන යාමට තමන්ට සහාය ලබාදෙන ලෙසයි.
මාතලේ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය ස්ථිර බවත් ඒ සඳහා මේ වනවිටත් ජනතාව ඒකරාශ්‍රී වෙමින් සිටින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.