2023 වසරේ ප්‍රකාශිත ප්රශස්ත නවකතාවට පිදෙන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ සාර්ථකව අවසන් වුණා.
ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීයි. එහිදී ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ විරාජිනී තෙන්නකෝන් මහත්මිය විසින් රචිත “කැමේලියා” කෘතියයි.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන 27 වනදා සිට ඔක්තෝබර් 06 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙනවා.
ඒ සඳහා මෙවරද නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.