මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ගමන් ගත් ජීප් රථය සහ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ගමන් ගත් මොටර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
ඒ, පුත්තලම, පාලවිය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදීයි. පොලිසිය සඳහන් කළේ පිටුපසින් පැමිණි සහකාර පොලිස් අධිකාරීවරයාගේ මොටර් රථය ඉදිරියෙන් ගමන් ගත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ ජීප් රථය පසුකර යෑමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අදාළ අනතුර සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ මුදල් අමාත්‍යංශයට අයත් ජීප් රථයක් සහ සහකාර පොලිස් අධිකාරීවරයාට අයත් පෞද්ගලික මෝටර් රථයක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.