Saturday, November 9, 2024

General line - 0115112241

පවතින දේශපාලන ක්‍රමවේදය වෙනස් කරන බවට අනුරගෙන් ජනතාවට පොරොන්දුවක්




පවත්නා ආර්ථික ක්‍රමය කිසිදු දේශපාලන පක්ෂ නායකයෙකුට වෙනස් කිරීමට නොහැකි බව ස්වාධීන ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පවත්නා ආර්ථික ක්‍රමය වෙනස් කළහොත් නැවත ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

උතුරු - නැගෙනහිර සංවර්ධන කිරීමට අවශ්‍ය සියලුම කටයුතු තමන්ගේ රජයක් යටතේ සිදු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ කිලනොච්චි ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

හිටපු ජනාධිපති මහින් රාජපක්ෂ මහතාගේ රජය යටතේ සංවර්ධන කටයුතු විශාල වශයෙන් සිදු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේවෙතත් මේ වනවිට පවතින රජය විසින් එවැනි සංවර්ධන කටයුතු කිසිවක් නොකර බවයි මහියංගනය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. 

පවතින දේශපාලන ක්‍රමවේදය ජාතික ජන බලවේග රජයක් යටතේ ස්ථිර වශයෙන්ම වෙනස් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

නාවල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.