තැපැල් ඡන්ද භාවිතා කිරීමේදී වෙනත් අයෙකුගේ ඡන්දය භාවිතා කළ පාසල් ගුරුවරයා සහ එම ඡන්ද මධ්‍යස්ථානය භාරව කටයුතු කළ නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සහ දිසා ලේකම් සුනන්ද හේරත් මහතා පැවසුවේ අදාළ පාසල් ගුරුවරයා හලාවත - පම්බල පිහිටි කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේදී ඡන්දාය භාවිත කර ඇති බවයි.
එහිදී ඡන්දය භාවිතා කිරීමට පැමිණි ගුරුවරයාට ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා විසින් වෙනත් ගුරුවරයෙකුට අයත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කර තිබෙනවා.
එම ගුරුවරයා තමන්ට නිකුත් කරන ලද ඡන්ද පත්‍රිකාවේ ඡන්දය සටහන් කර එම ස්ථානයෙන් පිටත්ව ගිය පසු වෙනත් ගුරුවරයෙකු පැමිණ සිය ඡන්දය භාවිතා කිරීම සදහා අවසර ඉල්ලා ඇති බවයි තේරීම් භාර නිලධාරියා පැවසුවේ.
එහිදී ලේඛණ පරීක්ෂාකර ඇති ඡන්දය මධ්‍යස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ එම ඡන්දය මේ වන විට භාවිත කර ඇති බවයි.
ඒ අනුව එම පාසල් ගුරුවරයාට තම ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලැබී නැහැ.
ඡන්දය භාවිතා කිරීම අවසන් වූ විට ලේඛණ පරීක්ෂා කිරීමේදී සිදුවී ඇති දෝෂය හඳුනාගෙන තිබෙනවා.
ඒ, එක් ඡන්ද පත්‍රිකාවක් ඉතිරි වී තිබීම හේතුවෙන්.
ගුරුවරයාගේ ඡන්දය භාවිතා කර ඇත්තේ ඔහුගේ නමට සමාන නමක් ඇති වෙනත් ගුරුවරයෙකු විසින් බවට එහිදී හෙලිවී තිබෙනවා.
පසුව මේ සම්බන්ධයෙන් පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා වෙත වාර්තා කිරීමට අදාළ ඡන්ද මධ්‍යස්ථානය භාරව සිටි නිලධාරියා කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව තමන්ට ලැබී ඇති වාර්තාව මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර අවශ්‍ය ඉදිරි පියවර විමසා සිටි බව පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා පැවසුවා.
කෙසේවෙතත් තැපැල් ඡන්දය අහිමිවූ ගුරුවරයාට තම ඡන්දය භාවිතා කිරීමට අවසර ලබා දීම සදහා වෙනත් අයෙකුගේ ඡන්දයක් භාවිතා කළ ගුරුවරයා සහ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයාට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගත යුතු බවට තීරණය වී තිබෙනවා.
වෙනත් අයෙකුගේ ඡන්දය භාවිතා කළ සහ ඡන්දය අහිමිවූ පාසල් ගුරුවරුන් දෙදෙනාම මාදම්පේ ප්‍රදේශයේ එකම පාසලක සේවය කරන ගුරුවරුන් බවයි අනාවරණ වී ඇත්තේ.