පසුගිය 15 වනදා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ, අදාළ ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයකින් අනතුරුවයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ කලින් සාකච්ඡාවට ලක්ව ඇතැයි කියන ප්‍රශ්න පත්‍රය මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලබාදුන් ප්‍රශ්න පත්‍රයට සියයට සියයක් සමාන නොවන බවයි.
එහෙත් කලින් පිටවූ බව කියන ප්‍රශ්න පත්‍රයේ සහ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් සමාන ප්‍රශ්න තුනක් එලෙස ඉවත් කිරීමට තීරණය කර බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතුවලදී විභාගයට පෙනී සිටි සියලු දරුවන්ට සාධාරණය ඉටුවන අයුරින් කටයුතු කරන බවද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.