2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදී තිබූ කාලසීමාව අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට නිහඬ කාල සීමාව ආරම්භ වන බැවින් එම කාල සීමාව තුළ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුකළ නොහැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ.