සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය පැවැත්වුණේ මරදාන ටවර් හෝල් රඟහල ඉදිරිපිටදීයි.
ඒ සඳහාද විශාල පිරිසක් එක්ව සිටියා. ජන රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ජනතාව වෙනුවෙන් පැය 24ම සහ දින 365ම වැඩ කරන ආණ්ඩුවක් බිහි කරන බවයි.