Monday, December 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණයක් අභියස




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන සංචාරක නවසීලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 199ක් රැස්කරගෙන සිටියා.

තෝමස් බ්ලන්ඩෙල් ලකුණු 47ක් සහ ග්ලැන් ෆිලිප්ස් ලකුණු 32ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 61ක් සහ කේන් විලියම්සන් ලකුණු 46ක් රැස්කළා.

පන්දු යැවීමේදී නිශාන් පීරිස් කඩුලු 03ක් මෙන්ම ප්‍රභාත් ජයසූරිය සහ නායක ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ඉනිමක පරාජයකින් බේරීම සඳහා තවත් කඩුලු 05ක් අතැතිව ලකුණු 315ක් රැසක්රගත යුතුයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 05ක් දැවී ලකුණු 602ක් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කමිදු මෙන්ඩිස් ලකුණු 182ක් රැස්කළ අතර දිනේශ් චන්දිමාල් ලකුණු 116ක් රැස්කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 106යි. ඊට පිළිතුරු ලෙස සංචාරක නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 88ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිමේ සුපිරි පන්දු යැවීමක නිරත වූ දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කඩුලු 06ක් බිඳ හෙලුවා.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නිශාන් පීරිස් කඩුලු 03ක් දවා ගත්තා.