Monday, December 23, 2024

General line - 0115112241

සනත් ජයසූරියගේ වැඩබලන පුහුණුකාර ධූරය වසරකින් දීර්ඝ කෙරේ




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගිය දා පත් කෙරුණේ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගාවලිය සඳහායි.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සිල්වවුර්ඩ්ගෙන් පුරප්පාඩු වූ පුහුණුකරු ධූරයට පිළියමක ලෙසයි.

සනත් ජයසූරිය මහතාට තාවකාලිකව ලබාදුන් පුහුණුකරු ධූරය එම තරගාවලි දෙක නිමවීමෙන් අනතුරුව අවසන් වුණා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධූරය සනත් ජයසූරිය මහතාට ලබාදීමටයි.