හෙටින් ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රවීණයින් මේ වන විට අනාවැකි පළ කර තිබෙනවා.
ඒ අතරට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුද ඇතුළත්.
ඇය නම් කර ඇත්තේ ආරම්භක පිතිකරු භූමිකාව සඳහායි.
ක්‍රීඩිකාවන් 11 දෙනා අතරින් නාමිකව ප්‍රකාශයට පත් කර ඇත්තේ ක්‍රීඩිකාවන් 07 දෙනෙකු පමණයි.
ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සඳහා ඔවුන් ඉඩ වෙන් කර ඇත්තේ තරඟාවලියේදී දක්වන දක්ෂතා මත ඒ සඳහා නම් කිරීමටයි.
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වනවා.
ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.
තරඟාවලියට එක් වන කණ්ඩායම් සංඛ්‍යාව 10ක්.
ශ්‍රී ලංකාව තරඟ වදින්නේ ‘ඒ’ කාණ්ඩයෙන්.