Monday, December 23, 2024

General line - 0115112241

ප්‍රවීන් ජයවික්‍රමට සියලු ආකාරයේ ක්‍රිකට්, තහනමක්




ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට සියලු ආකාරයේ ක්‍රිකට්, වසරක කාලයකට තහනමක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බව ඔහු විසින්ම පිළිගැනීමෙන් අනතුරුවයි. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා 3ක් එල්ලකර තිබුණා.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී සහ 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීම සඳහා ඔහු වෙත සිදුකර තිබූ යෝජනා සම්බන්ධයෙන් දුෂණ විරෝධී ඒකකය දැනුම්වත් නොකළ බවටයි.

ඒ සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණයකින් පසුවයි ඔහුට මෙම තරඟ තහනම පනවා ඇත්තේ. 

26 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 05කට, එක්දින තරඟ 05කට සහ පන්දුවාර 20 තරඟ 05කට ක්‍රීඩා කර තිබෙනවා.