Wednesday, December 25, 2024

General line - 0115112241

සංචාරකයි ඇදී එන ඉන්දියාවේ Sonamarg




Sonamarg යනු මධ්‍යම කාශ්මීරයේ ගාන්දර්බාල් දිස්ත්‍රික්කයේ සුන්දර ස්ථානයකි.

පසුගිය වසර පහ තුළ එම ප්‍රදේශය වෙත සංචාරකයින්ගේ ඉහළ පැමිණීමක් වාර්තා වන අතර මේ වසර වන විට සංචාරකයින් ලක්ෂ හයක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එහි සංචාරකයින්ගේ පැමිණීම සියයට 11 කින් සහ ආදායම 1800% කින් වැඩි වී ඇත.

මාධ්‍ය වාර්තා අනුව, සෝනාමාර්ග් හි සංචාරකයින් සංඛ්‍යාව 2019 දී 58,309 සිට 2024 වන විට 6,61,539 දක්වා වැඩි වී තිබේ.

ආදායම් අතින් ද සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. 2020 දී සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම රුපියල් ලක්ෂ 1.63 ක් වූ අතර එය 2021 දී රුපියල් ලක්ෂ 3.51 දක්වාත්, 2022 දී රුපියල් ලක්ෂ 9.7 දක්වාත්, 2023 දී රුපියල් ලක්ෂ 25.8 දක්වාත්, 2024 වන විට එය රුපියල් ලක්ෂ 30.68 දක්වාත් ඉහල ගොස් තිබේ.

රජයේ සහ පෞද්ගලික හෝටල් ඇතුළත් සෝනාමාර්ග් හි දැනට කාමර 1,270 ක් පමණ සංචාරකයින් සඳහා ලබා ගත හැකි බවත්, කඳවුරු බැඳීමේ ස්ථාන ද සංවර්ධනය කර ඇති බවත් නිලධාරියෙක් පැවසීය.

මෙම පියවර Sonamarg ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථාපිත කරමින් සංචාරක ක්ෂේත්‍රයේ තවත් වර්ධනයක් කරා තල්ලු කරයි.