Thursday, December 26, 2024

General line - 0115112241

නත්තල වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් සඳහා විශේෂ අවස්ථාවක්




නත්තල වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් සඳහාද විශේෂ අවස්ථාවක් උදාකර දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ සිරකරුවන්ට සිය ඥාතීන් සමග වෙනදාට වඩා සමීපව කටයුතු කිරීමට මෙහිදී අවස්ථාව ලබා දී ඇති බවයි.

නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකු අද දිනයේ නිදහස ලබන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.