Monday, December 23, 2024

General line - 0115112241

දකුණේ ළමා රැකවරණ මධ්‍යස්ථානවල දරුවන් ලෝක ළමා දිනය සැමරුව හැටි  




2024 ලෝක ළමා දිනයට සමගාමීව දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද විශ්ව ළමා දින වැඩසටහනක් අද දින (07) වැලිගම නගර ශාලා පරිශ්‍රෙය්දී දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් හා ස්වේච්ඡා ආයතන මගින් පවත්වාගෙන යනු ලබන ළමා රැකවරණ මධ්‍යස්ථානවල දියණියන් හා පුතනුවන් 709 දෙනෙකු පමන මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

ලෝකයේ වැඩිපුරම අසාරධාරණයට ලක් වන්නේ දරුවන්, ලෝකයේ රටවල් අතර, ජාතීන් අතර සහ විවිධ ගැටළු නිසා ඇතිවන යුද්ධ, හැලහැප්පීම්  නිසා වැඩිපුරම පීඩා විඳින්නේ දරුවන් බවත් අද මෙම ස්ථානයට පැමිණ සිටින සියළු දරුවන්ට යහපත් වූ අනාගතයක්, යහපත් වූ සිවිල් සමාජයක කෙලින් සිට ගැනීමට හැකි, නොබියව ඉදිරියට යාමට හැකි සමාජ සත්වයකු ලෙස, සමාජයේ සාමාජිකයකු ලෙස සිටීමට ඉඩ හසර සැලසිය යුත්තේ වැඩිහිටියන් බවත්, ඒ සඳහා රජයකට විශාල කාර්ය භාරයක් පැවරෙන බවත් එහිදී දූ දරුවන් ඇමතූ ආණ්ඩුකාරතුමන් පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමන් පළාත් සභාවක් ලෙස මෙම දූ දරුවන්ට උදාකර දිය හැකි උපරිම සාධාරණත්වය ඉටු කිරීමට තමා හා රජය කටයුතු කරන බව පැවසූ අතර, ඉතා විශිෂ්ඨ අයුරින් දරුවන්ට නව අත්දැකීමක් ලබා දීමට මෙම අවස්ථාව සංවිධානය කරන ලද අමාත්‍යංශයේ ලේකම්තුමන්, පරිවාස කොමසාරිස්තුමිය ඇතුළු නිලධාරීන්ට ආණ්ඩුකාරතුමන් විසින් ස්තූතිය පල කරන ලදී.

මෙම දරුවන්ට සෞන්දර්යාත්මක අත්දැකීමක් එක් කර දීම සඳහා ප්‍රවීන රංගණවේදී රෝඩ්නි වර්ණකුල මහතා ප්‍රමුඛ පිරිසක්ද සහභාගි වී සිටියහ.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා, දකුණු පළාත් ක්‍රීඩා, පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බිමල් ඉන්ද්‍රජිත් මහතා, 

දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රසිකා දිසානායක මහත්මිය ඇතුළු දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.