Monday, December 23, 2024

General line - 0115112241

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ජනපති හමුවෙයි




ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබෙනවා 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ   ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ  ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ  හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාව පළකර තබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙතෙක් සිදු කරගෙන යන සියලු ගිවිසුම් ඒ ලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවද ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ  ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය ආධාර ලබාදීමට කැමැත්ත පල කර තිබේ.

උතුරේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම  සඳහා  ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා කළ ඉල්ලීමටද එසේම  ශ්‍රී ලංකාවේ බලශක්තිය හා සුළු පරිමාණ ව්‍යවසායකයන් දියුණු කිරීමට ද කැමැත්ත පළ කර තිබෙනවා.