Wednesday, December 25, 2024

General line - 0115112241

අමෙරිකානු දූත පිරිසක් හදිසියේ තායිවානයට




අමෙරිකානු රජයේ විශේෂ නියෝජිත ඩෙබී ලෙස්කෝ සහ සෙසු නියෝජිතයින් වන ඇන්ඩි බිග්ස් සහ කැරොල් මිලර් රජයේ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ඉරිදා තායිවානයට පැමිණි බව තායිවාන පුවත් වාර්තා කළේය.

තායිවාන මාධ්‍ය වාර්තා අනුව, තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය තායිවානය සඳහා එක්සත් ජනපද කොන්ග්‍රසයේ ස්ථීර සහයෝගය සහ තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය පෙන්නුම් කරමින් නියෝජිත පිරිසගේ පැමිණීම පිළිගත්තේය.

තායිවානය සහ එක්සත් ජනපදය, චීන තර්ජනයට මුහුණ දීම සඳහා ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට උත්සාහ කරන අතරතුර මෙම, දූත පිරිසගේ සංචාරය සිදුවීම විශේෂත්වයක්.

මෙම සංචාරයේදී ඔහු ජනාධිපති Lai Ching-te සහ විදේශ අමාත්‍ය Lin Chia-lung හමුවී අමෙරිකා-තායිවාන සබඳතා, තායිවාන සමුද්‍ර සන්ධියේ ආරක්ෂක තත්ත්වය සහ ආර්ථික හා බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කර තිබේ.

අමෙරිකානු නියෝජිත පිරිස තායිවානයේ ජාතික දින උත්සවයට ද සහභාගී වන බව තායිවාන පුවත් වාර්තා කරයි.