Wednesday, December 25, 2024

General line - 0115112241

බෝයිං ගුවන් සමාගමේ සේවකයන් 17,000ක් ඉවත් කිරීමට පියවර




ඇමරිකාවේ ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං ගුවන් සමාගම එහි ශ්‍රම බලකායෙන් 10% ක් කප්පාදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව විධායක නිලධාරින්, කළමනාකරුවන් හා සාමාන්‍ය සේවකයින් ඇතුළු මුළු ශ්‍රම බලකායෙන් රැකියා 17,000ක ශ්‍රමිකයන් රැසක් මෙලෙස සේවයෙන් ඉවත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සමාගමේ සේවකයන් 33,000ක පිරිසක් වැඩි වැටුප් ඉල්ලා මාසයක් පුරා වැඩවර්ජනයක නිරත වුණ අතර සේවක සංගමය සමඟ දින දෙකක සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා .

වැඩවර්ජන හා ගුණාත්මක බව සම්බන්ධයෙන් මතුවූ ගැටළු කිහිපයක් හේතුවෙන් බෝයිං ගුවන් සමාගම  මෙම තීරණය ගෙන තිබෙන බවයි විදෙස් මධ්‍ය වාර්තා කරන්නේ.

බෝයිං සමාගමේ නවතම නිෂ්පාදනය වන හත්සිය හැත්තෑ හත එක්ස් (777X) ගුවන් යානය නිෂ්පාදනයට ද මෙය බලපෑම් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

සංවර්ධන ගැටළු උපුටා දක්වමින් නිෂ්පාදකයා සිය නව 777X ගුවන් යානය එළිදැක්වීම 2026 දක්වා ප්‍රමාද කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට බෝයිං සමාගමේ කොටස් 1.1% කින් පහත වැටි ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.