Wednesday, December 25, 2024

General line - 0115112241

ලෙබනනයේ ප්‍රහාර හමුවේ ඉන්දියාවත් සීරුවෙන්




ඊශ්‍රායලය හිස්බුල්ලා සැඟවී සිටින ස්ථාන ඉලක්ක කර ගනිමින් සිය ප්‍රහාර තීව්‍ර කරද්දී බටහිර ආසියාවේ පවතින අස්ථාවර තත්ත්වය පිළිබඳව ඉන්දියාව දැඩි “කනස්සල්ලක්” ප්‍රකාශ කර තිබේ. 

දකුණු ලෙබනනයේ ස්ථානගතව සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් ඊශ්‍රායල හමුදාවන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් පසු ඉන්දියාව ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ලෙබනනයේ ස්ථානගත කර ඇති එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් අතර ඉන්දීය සොල්දාදුවන් 900 ක් පමණ සිටිති. 

ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ ඔවුන් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායේ හෝ UNIFIL මූලස්ථානයේ නොසිටි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. 

සෙබළුන්ට අමතරව වෛද්‍ය විශේෂඥයන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් 25ක් පමණ එහි යොදවා ඇත.

"නිල් රේඛාව ඔස්සේ පිරිහෙමින් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව අපි කනස්සල්ලට පත්ව සිටිමු" යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි., "අපි තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු.'' එහි දැක්වේ.

ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සාම සාධක මුලපිරීම්වලට ලබා දෙන වැදගත්කම අවධාරනය කළ අතර එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයන් ඉලක්ක කිරීමට ඉඩ දිය නොහැකි බවත් පවසා ඇත