ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද වාර්තා වනවා.
ඊශ්‍රායල හමුදා විසින් මෙලෙස ගොඩබිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ප්‍රහාර හේතුවෙන් ගසා තිරයේ වැසියන් දහස් ගණනක් අවතැන්වී ඇති බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 42,126ක් දෙනෙක් මිය ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයන් 98,117ක් තුවාල ලබා ඇති බවද සඳහන්.
කෙසේවෙතත් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ උතුරු ප්‍රදේශ තුළ නැවත පදිංචියට නොයන ලෙසත් දකුණු දෙසට ගමන් කිරීමෙන් වළකින ලෙසත් පලස්තීන රජය එරට ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.